සත්තු වත්තට හොරු පනියි - උස්සපු සත්තු 32නා ගැන ඇහෙන කතාව
පසුගිය (4) දා අලුයම දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් 32 දෙනකු සොරකම් කර ඇති බව දෙහිවල පොලිසිය පවසයි.
ඒ අනුව අඳාළ සොරකම සිදුව ඇත්තේ සතුන් රඳවා සිටි කූඩුවක් කඩා දැමීමෙන් බව වාර්තා වේ.
එනැවින් සිද්ධිය සම්බන්ධයෙන් සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂවරිය වන එස්.ඒ.ඩී.පී. සමන්මලී මහත්මිය පෙරේදා දහවල් කාලයේදී පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. මෙසේ සොරකම් කරන ලද පරෙවියන්, මෑතකදී සත්වෝද්‍යානයට භාර දුන් පරෙවි තොගයකට අයත් වන බව ද වාර්තා වේ.
කෙසේ වෙතත් පොලිස් වාර්තා අනුව, මේ පරෙවියන් මුලින්ම නීති විරෝධී ආකාරයට බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙරටට ගෙන එමින් තිබියදී ඉකුත් ජූලි මාසයේදී පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
ඉන් අනතුරුව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව ඉකුත් අගෝස්තු 2 වන දින නඩු භාණ්ඩ වශයෙන් මෙම පරෙවියන් තොගය දෙහිවල සත්වෝද්‍යානයට භාර දී ඇත.
කෙසේ වෙතත් මෙතෙක් මෙම සොරකමට අඳාළ කිසිදු තොරතුරක් හෝ සොරාගත් පරෙවියන් පිළිබඳව කිසිවක් අනාවරණය වී නැති බව පොලිසිය වැඩිදුරටත් කියයි.
මේ අතර දෙහිවල පොලිසිය මේ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සඳහන්.