LTTE ය ප්‍රවර්ධනය කළ 21 හැවිරිදි තරුණයෙක් කොටුවෙයි..බුද්ධි අංශ අණාවරණයක්.

Police Jaffna LTTE
By Aruna Jul 09, 2021 08:22 AM GMT
Aruna

Aruna

Report

LTTE සංවිධානය හා සම්බන්ධ ඡායාරූප ළඟ තබා ගැනීම සහ අපරාධ සඳහා තරුණයින් නැඹුරු කර ගැනීමට උත්සහ කිරීම යන චෝදනා මත තරුණයෙක් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, විශේෂ කාර්ය බළකායේ කිළිනොච්චිය කඳවුරේ බුද්ධි අංශයට ලද තොරතුරක් මතයි.

නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු 21 හැවිරිදි කිළිනොච්චිය ප්‍රදේශයේ පදිංචි නාගරාසා ප්‍රභා නැමැත්තෙක.

සැකකරු සන්තකයේ තිබිය දී දිග අඟල් 27½ ක් වූ පළල අඟල් 1 1/4 ක් වූ තලයක් සහිත, මිට දිග අඟල් 6 ½ ක් වූ ලී මිටක් සහිත බයිසිකල් ටියුබ් පටිවලින් වෙලා ඇති යකඩ කඩුවක් සොයාගෙන තිබෙනවා.

මේ අතර සිම්කාඩ් පත් සහිත ජංගම දුරකථන දෙකක් ද තිබු බවයි විශේෂ කාර්ය බළකාය සඳහන් කළේ.

අපරාධයක් කිරීමේ අරමුණින් සැකකරු විසින් යකඩ කඩුවක් සඟවා තබා ගෙන සිට ඇති අතර ඔහු විසින් ප්‍රදේශයේ තරුණයින්ව අපරාධ සඳහා නැඹුරු කර ගැනීමට උත්සහ කර ඇති බව ද විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha