අවසනාවන්ත ලෙස උසස් පෙළ සිසුන් දෙදෙනෙකුගේ දිවි අහිමි වෙයි..
accident
sri lanka
drowning
Raththota
sudu gaga
By Sewvandhi
රත්තොට සුදු ගඟේ ජමන්වත්ත නාන තොටුපළෙහි දියේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය පැවසුවේ මිතුරන් දෙදෙනෙකු සමග දිය නාමින් සිටි 17 හැවිරිදි සිසුවෙකු මෙලෙස දියේ ගිලී අතුරුදන්ව ඇති බවය.
පොලීසිය, යුද හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව අතුරුදන්වූ සිසුවා සෙවීමේ කටයුතු ආරම්භ කර අතර රත්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර චාවකච්චේරිය හින්දු මහා විද්‍යාලය ඉදිරිපිට දුම්රිය මාර්ගයේදී දුම්රියේ ගැටී පාසල් සිසුවෙකු මියගොස් තිබේ.
ඊයේ (24) පස්වරුවේ උපකාරක පන්තියකට සහභාගී වී යළි නිවස බලා පැමිණෙමින් සිටි එම සිසුවා කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඔහු මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
මියගොස් ඇත්තේ 18 හැවිරිදි කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි උදය කුමාර් බානුෂන් නැමති උසස්පෙළ සිසුවෙක් බව පොලීසිය පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |