දවසට රුපියල් 17500 සිට 46000 දක්වා මුදල් ලැබෙන රැකියාවක්..අදම මේ ගැන ඔබත් දැනුවත් වන්න.

Central Bank of Sri Lanka Police spokesman Job Opportunity Technology
By Aruna Jan 10, 2025 03:37 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය සහිතව පවත්වාගෙන යන අර්ධකාලීන රැකියා උපදේශන ව්‍යාපෘතියක් බව සඳහන් කරමින් මේ දිනවල අන්තර්ජාලය ඔස්සේ ජනතාව රවටන වංචනික ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වනවා.

අදාල දැන්වීමෙහි සඳහන් කර ඇත්තේ, මේ සඳහා මුහුණු පොත ඇතුළුව අන්තර්ජාල සේවාවන් ඔස්සේ පළකර තිබෙන දැන්වීමකට අනුව එහි සේවය කිරීමට ඇති ස්ථානය මුල් පිටුව කාර්යාලය ලෙස සඳහන් කර තිබෙන අතර,මෙම රැකියාව අන්තර්ජාලය ඔස්සේ කරගෙන යාමට අවශ්‍ය වන්නේ ස්මාට් ජංගම දුරකතනයක් හෝ පරිගණකයක් බවයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට මේ දේ නතර කරයි..මේ නිසා රට පුරා ජනතාවට කුමක් වෙයි ද?

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට මේ දේ නතර කරයි..මේ නිසා රට පුරා ජනතාවට කුමක් වෙයි ද?


වට්ස්ඇප් මාර්ගයෙන් මෙම රැකියා ව්‍යාපෘතිය හා සම්බන්ධ විය හැකි බවද දෛනිකව ක්‍රියාත්මක මෙම අර්ධකාලීන රැකියාව මගින් දෛනිකව රුපියල් 17500 ත් 46000 ත් අතර මුදලක් පහසුවෙන් උපයාගත හැකි බවද එහි සඳහන් කර තිබේ.

මෙහිදී සම්පූර්ණ කරනු ලබන එක් කාර්යයක් සඳහා රුපියල් 1500 ක දීමනාවක් ගෙවන බවද කියා ඇති අතර, මේ සඳහා සම්බන්ධවන්නන් හට සෑම දිනකම මිනිත්තු 3 කදී තමන්ට හිමි කොමිස් මුදල ලබාගත හැකි බව සඳහන් කර තිබුණද මෙම රැකියාවේ තත්ත්වය කුමක්දැයි දැන්වීම්කරුවන් විසින් සඳහන් කර නොමැති වීමද ප්‍රශ්නයකි.

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.(VIDEO)

ලග්න 03ක් අද ඉතාමත් කල්පනාකාරීව වැඩ කරන්න... අනිත් අයට වෙන දේ මෙතනින් දැනගන්න.(VIDEO)


මීට සම්බන්ධ වන්නන් ඒ සඳහා ලියාපදිංචි වීම සඳහා රුපියල් 2000 ක මුදලක් කිසියම් ගිණුමකට බැර කළ යුතුව තිබෙන අතර , ඉන් පසුව ඔවුන් සමග සම්බන්ධ වූ දුරකතන සබඳතාව මෙම වංචනික ජාවාරම්කරුවන් විසින් විසන්ධි කර දමන බවද එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සම්බන්ධ බවට පළකර තිබීම හේතුවෙන් මේවනවිටද මෙම අන්තර්ජාල වංචාවට විශාල පිරිසක් හසුවී තිබෙන බවයි ගගන ප්‍රවෘත්ති අංශය වෙත වාර්තා වුණේ.

You May Like This Video


ReeCha