බෙදා හැරීමට තිබූ පෙළ පොත් තොගයක් අතුරුදහන් - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලක්

Report

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති දමිළ භාෂා 1 ශ්‍රේණියේ තුන් වන වාරයට අදාළව කියා ක්‍රියාකාරකම් පොත් සහ පෙළ පොත් තොගයක් නැගෙනහිර පළාතේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන 12ක් වෙත නියමිත පරිදි භාර නොදී සාපරාධී විශ්වාසය කඩ කිරීමක් සම්බන්ධයෙන් ඉසුරු පාය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව තලංගම පොලිසිය පවසන බව වාර්තා වේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 08ක් පමණ වටිනා ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892 ක් එසේ භාර දී නොමැති බවට ඉසුරු පාය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්(නිෂ්පාදන හා බෙදාහැරීමේ) එන් ඩබ්ලිව් ඩි හිරෝෂි ගුණවර්ධන කරන ලද පැමිණිල්ලේ සඳහන් බව පවසයි.

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

එමෙන්ම එහි, ඉසුරු පාය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටා ඇති අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද එකී පොත් තොගය ප්‍රවාහනය සඳහා බියගම, සියඹලාපේ, සමෘද්ධි මාවතේ ආයතනයක් මඟින් ගිවිසුම්ගතව ටස්මා ඉන්ටර්නැෂනල් ආයතනය වෙත 2026.05.04 වෙනිදින 43-9874 ලියාපදිංචි අංක දරණ ලොරි රථයෙන් එහි රියදුරු බාරයේ රැගෙන යාමට අවසර ලබාගෙන ඇති බවත් සඳහන්.

අඳාළ පෙළපොත් හා ක්‍රියාකාරකම් පොත් නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 12 කට නියමිත ලෙස බෙදා හැර නොමැති බවට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන අංශයේ නැගෙනහිර පළාත භාරව සිටින ජගත් වන්නිහාරච්චි යන අය විසින් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙත ඉකුත් 07 වෙනි දින දැනුම් දී ඇති බව වාර්තා වේ.

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

ඒ අනුව අඳාළ පැමිණිල්ල කර ඇති බවට උසස් පොලිස් නිලධාරියෙක් පවසා ඇත.

එබැවින් තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශ්ශංක සිල්වාගේ උපදෙස් මත මෙම විමර්ශන සිදු කෙරෙන බව වාර්තා වේ.

නව නීතියක් - ආයේ කිසිසේත් මේ විදිහට යතුරු පැදි පැදීම තහනම් නීතිය වහාම ක්‍රියාත්මක වේ

නව නීතියක් - ආයේ කිසිසේත් මේ විදිහට යතුරු පැදි පැදීම තහනම් නීතිය වහාම ක්‍රියාත්මක වේ