යුරෝපා සංගමයෙන් මේ කොන්දේසි දැඩි කරයි - මේ වරප්‍රසාදය ඕනේ නම් වහාම සමලිංගික සබඳතා, මරණ දඬුවම සහ මේ පනත් ගැන තීරණයක් ගන්නැයි දන්වයි

Report

යුරෝපා සංගමයේ නවතම ඇගයීම් වාර්තාවකින් එම සංගමය ලබාදෙන GSP+ සහනය ඔස්සේ 2024 වසරේදී පමණක් යුරෝ මිලියන 139ක ආනයන බදු සහනයක් මෙරටට හිමිවී ඇති බව අනාවරණය වී ඇති බව සඳහන්.

එසේම 2027 වසරේ සිට ඊට අදාළ කොන්දේසි සංශෝධනය කර ඇති අතර, එම තත්ත්වය ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇති බව අඳාළ වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

GSP+ සහනය යනු යුරෝපා සංගමය විසින් සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සඳහා ලබාදෙන විශේෂ වෙළෙඳ වරප්‍රසාදයක් වන අතර මේ හරහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන යුරෝපා සංගමයට අයත් රටවලට අපනයනය කිරීමේ දී ගෙවිය යුතු ආනයන බදු අඩු කෙරෙයි.

එමෙන්ම යුරෝපා සංගමයේ GSP+ විශේෂ වෙළඳ වරප්‍රසාද වැඩසටහන වත්මන් ක්‍රමවේදය තුළ මෙරට ක්‍රියාත්මක වන්නේ 2017 වසරේ සිට වන අතර මෙරට තුළ GSP+ සහනය ඔස්සේ වැඩිම ප්‍රතිලාභ ලබන ප්‍රධාන අපනයන අංශ වන්නේ ඇඟලුම්, රබර්, සකස් කළ ආහාර පාන සහ යන්ත්‍රෝපකරණයි.

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

අගෝස්තු 15 ට පෙර වහාම ක්‍රියාත්මක වන්නැයි අනතුරු ඇඟවීමක් - OTPP, ලංකා බැංකුවේ සහ ඕනෑම මහජන බැංකු ශාඛාවකින් ගෙවීමේ පහසුකම්

තවද 2023 - 2025 අතර කාලය සඳහා වන යුරෝපා සංගම් ඇගයීම් වාර්තාව යුරෝපා සංගමය මඟින් නිවේදනය කර ඇති බව සඳහන්.

අඳාළ වාර්තාවට අනුව, 2024 වසරේදී යුරෝපා සංගමයට අයත් රටවල් ශ්‍රී ලංකාවෙන් ආනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම යුරෝ බිලියන 2.64ක් වන අතර ඉන් යුරෝ බිලියන 2.21ක් GSP+ වරප්‍රසාද සඳහා සුදුසුකම් ලැබූ අපනයන වුවද, එම වරප්‍රසාදය භාවිත කර ඇත්තේ යුරෝ බිලියන 1.52ක පමණ වෙළඳ භාණ්ඩ සඳහා පමණක් බව වාර්තා වේ.

2024 වසරේදී GSP+ භාවිත කිරීමේ අනුපාතය දැක්වුණේ 68.9%ක් වශයෙන්.

එබැවින් ශ්‍රී ලංකාවට GSP+ සහනය හරහා තවත් ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාවක් පවතින බවද අදාළ වාර්තාවේ සඳහන්.

එය 2024 වසරේ යුරෝපා සංගමයට ශ්‍රී ලංකාව සිදුකළ අපනයන වටිනාකමෙන් ආසන්න වශයෙන් 5% ප්‍රමාණයකට සමාන වේ.

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

අද සහ හෙට බලපැවැත්වෙන පරිදී පොලීසියෙන් විශේෂ නිවේදනයක් - රාත්‍රී 7 සිට ක්‍රියාත්මකයි

කෙසේ වුවද 2027 වසරේ සංශෝධිත GSP කොන්දේසි අනුව ශ්‍රී ලංකාව GSP+ සුදුසුකම අඛණ්ඩව පවත්වා ගැනීමට තවත් ප්‍රතිසංස්කරණ සිදු කිරීම අවශ්‍ය බවයි යුරෝපා කොමිසම අවධාරණය කරයි.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම, මරණ දඬුවම වහාම අත්හිටුවීම සහ ආගමික, වාර්ගික හා ලිංගික සුළුතරයන් සඳහා සඵලදායී නීතිමය ආරක්ෂාවක් ලබා දීම ඒ අතර ප්‍රධාන වන බව සඳහන්.

ඒ අනුව යුරෝපා සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතික ලෙස රැඳවුම් භාරයට ගැනීම සඳහා තවදුරටත් මෙවලමක් ලෙස භාවිත කිරීම,අන්තර්ජාල සුරක්ෂිතතා පනත සඳහා පොරොන්දු වූ සංශෝධන ද තවමත් නිම කර නොමැති වීම, පොලිස් හිරිහැර කිරීම්, අත්අඩංගුවේ පසුවන අතරතුර සිදුවන මරණ, උතුරු ප්‍රදේශයේ විසඳී නොමැති ඉඩම් ආරවුල් සහ දෙපාර්ශ්වයේ කැමැත්තෙන් සිදුවන සමලිංගික සබඳතා අපරාධමය නොවන බවට පත්කිරීමේ නීති නොමැතිකම බරපතළ බාධාවක් වශයෙන් සලකන බවයි.

එසේම අලි - මිනිස් ගැටුම් අඛණ්ඩව පැවතීම සහ වනාන්තර විනාශය ඇතුළු තර්ජනද නිරන්තර දුර්වලතාවන් පෙන්නුම් කරන බවත් සඳහන්.

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

විභාග අපේක්ෂකයින් කළඹමින් අද උසස් පෙළ විභාගය ගැන අසත්‍ය පුවතක් පළ කළ අයට වැඩ වරදී - අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්

නව නීතියක් - ආයේ කිසිසේත් මේ විදිහට යතුරු පැදි පැදීම තහනම් නීතිය වහාම ක්‍රියාත්මක වේ

නව නීතියක් - ආයේ කිසිසේත් මේ විදිහට යතුරු පැදි පැදීම තහනම් නීතිය වහාම ක්‍රියාත්මක වේ