හිටපු කැබිනට් අමාත්‍යවරු 18 දෙනෙක් ගැන හදිසි නියෝගයක් මෙන්න.. හිටපු ජනාධිපති රනිලුත් ඒ අතර..

Report

මලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් නියෝගයක් සිදුකර තිබෙනවා.

ඒ ‍ප්‍රමිතියෙන් තොර ඖෂධ රජයේ රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සඳහා එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු 18 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසයි.

රජයෙන් සුවිශේෂී පිරිසකට සහනයක්?. එතකොට බැංකු වලින් ගත් ණය..විස්තරය මෙන්න..(PHOTO)

රජයෙන් සුවිශේෂී පිරිසකට සහනයක්?. එතකොට බැංකු වලින් ගත් ණය..විස්තරය මෙන්න..(PHOTO)

ඖෂධ ගෙන්විම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් එම කැබිනට් මණ්ඩලයේ සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍යවරු වන ටිරාන් අලස්, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, හරින් ප්‍රනාන්දු, රොශාන් රණසිංහ, නිමල් සිරිපාල ඇතුළු එම කැබිනට් මණ්ඩලය නියෝජනය කළ 18⁣දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව අධිකරණයට දන්වා තිබෙනවා.

දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)

දන්නෙ නැද්ද තාම.. වහාම, මහජන බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ට කළ.. විශේෂ නිවේදනය මෙන්න..(PHOTO)

ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මලිගාකන්ද අධිකරණයෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත්, එයට අවසර දෙමින් මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළේ ය.