අද මේ අයට පැය 15 ක් වතුර නෑ
By Kaushi
මහර සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන්ට අද (17) දින පැය 15ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන් කිරීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බව සඳහන්.
ඒ අනුව අද සවස 4 සිට හෙට (18) පෙ.ව 7 දක්වා මෙම ජල සැපයුම අත්හිටවනු ඇති බව පවසයි.