මේ ප්‍රදේශ වලට පැය 13කට ජල සැපයුම අත්හිටුවනවා - ජනතාව වතුර රැස්කර භාවිතා කරන්නැයි දැනුම්දීමක්
By Ashfa
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ හෙට (19) සිකුරාදා මිද්දෙණිය පාර සහ හුලංදුව පාලම ආශ්රිත ප්‍රදේශවලට පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ ඇඹිලිපිටිය ජල සම්පාදන ක්‍රමයට අදාළව හුලංදුව පාලම අසල සිදු කිරීමට නියමිත ජල නළ එළීමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.
එම නිවේදනයට අනුව හෙට පෙරවරු 9.00 සිට එදින රාත්‍රී 10.00 දක්වා අදාළ ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව නතර කරයි.
ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය කණගාටුව පළ කරන අතර, එම කාලය තුළ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.