අවුරුදු දෙකක සිට කෑම කන්ටේනර් 115 වරායේ.
By Hashini
ජාතික විගණන කාර්යාලය රුපියල් කෝටි 74කට වැඩි වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 115ක් නිසහස් කිරීමට වසර දෙකකට වැඩි කාලයක් ගත වීමෙන් එම ද්‍රව්‍ය විනාශ වීමේ අවදානමක් පවතින බව පවසනවා.
එයට හේතුව වී ඇත්තේ එම ද්‍රව්‍ය සඳහා ආයතන කිහිපයකින් අනුමැතිය ලබා ගැනීමට ප්‍රමාද වීමයි.
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 24ක් නිදහස් කිරීමට දින 563ක කාලයක්ද ආහාර ද්‍රව්‍ය ඇතුලත් තවත් බහාලුම් 27ක් නිදහස් කිරීමට වසර දෙකකට ආසන්න කාලයක් ද ගත වී ඇති බවයි.