ලංකාවට රේල් පීලි 10,000ක්.

Report

ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ මෙරටට ගෙන්වන ලද රුපියල් බිලියන 2කට අධික වටිනාකමකින් යුත් රේල් පීලි තොගයක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදීම ඊයේ (04) සිදු කෙරුණා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ වසර 4කට පසු වර්ග 2කට අයත් රේල් පීලි 10,000ක් චීනයේ සිට මෙරටට ලබාදී ඇති බවයි.

ප්‍රවාහන මහාමාර්ග හා ජන මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ මුහුදුබඩ මාර්ගයේ ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් දුම්රිය ධාවනය කිරීමේ වේගය සීමා කර ඇති බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.