මෙරට බහුලව භාවිතා කරන ඹෟෂධ කාණ්ඩ 03 ක් තහනම් කෙරේ..

Sri Lanka Ministry of Health Sri Lanka Government Of Sri Lanka National Health Service
By Aruna Aug 27, 2023 02:33 AM GMT
Aruna

Aruna

Report

මෙරට ලංකාවේ නිෂ්පාදිත ‘කොඇමොක්සික්ලෙව්’ ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බවට තහවුරු වී තිබෙන බව වාර්තා වනවා.

වෛද්‍ය සැපයුම් අංශය සියලු රෝහල්වලට දැනුම් දී තිබෙන්නේ, ඒ හේතුවෙන් ඒවා භාවිතයෙන් ඉවත් කරන ලෙසයි.

කොඇමොක්සික්ලෙව් ඖෂධය ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සඳහා මෙරට බහුලව භාවිතා කරන ඖෂධයක් වනවා.

එය ළමා රෝගවල දී පළමු පෙළ ඖෂධයක් ලෙසටයි භාවිතා කරනු ලබන්නේ.

මෙම ප්‍රතිජීවක ඖෂධය මීට පෙර අවස්ථාවක ද තත්ත්වයෙන් බාල ඖෂධක් බවට තහවුරු වී ඇති බවයි වාර්තා වුණේ.

මෙය නිෂ්පාදනය කරනු ලබන්නේ කළුතර ප්‍රදේශයේ සමාගමක් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටින් මෙම ඖෂධය ගැන පර්යේෂණ වාර්තාවක් ද ඉල්ලා ඇති බව ද සඳහන්.

ReeCha