අධික වැසි නිසා ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් අලුයම විවෘත වෙයි

Report

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් (04) දින අලුයම විවෘත කර ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරුන් සදහන් කර තිබේ.

   ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පතිත වුවහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන බැවින් ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත් ලෙස සිටින ලෙස ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටිනු ලබයි.

ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇළිවල ජල ධාරිතාව ඉහළ ගොස් තිබේ   .

ගම්පොළට ජලයෙන් දැඩි බලපෑම් - පවුල් 500ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරේ

ගම්පොළට ජලයෙන් දැඩි බලපෑම් - පවුල් 500ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරේ