ලංකාව කළඹපු නීතිඥ ඝාතනයේ ඝාතකයින් පලාගිය බවට සැක ගිනිගත් මෝටර් රථය රස පරීක්ෂක පරීක්ෂාවට
By Kanchana
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන, ගාල්ල බද්දේගම අගලිය ප්‍රදේශයේ දී ගිනිතබා තිබූ මෝටර් රථය පරීක්ෂා කිරීම සඳහා අද (17) පෙරවරුවේ රජයේ රස පරීක්ෂක නිලධාරීන් පැමිණ තිබේ.
නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මෙම මෝටර් රථය පසුගිය 15වනදා ගාල්ල අගලිය, කුට්ටියාවත්ත අතුරු මාර්ගයක තිබියදී සොයා ගැනීමට සමත් විය.
එම කාර්යාංශය සදහන් කළේ මෝටර් රථය සොයා ගන්නා අවස්ථාවේදීත් එය ගිනි ගනිමින් තිබුණු බවයි.
අකුරේගොඩ ඝාතනය නිසා පාර්ලිමේන්තුව උණුසුම් - ඒක අධි ආරක්ෂක කලාපයක් නෙවෙයි - මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්
නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට පැමිණි බව කියන මෙම මෝටර් රථය ගාල්ල අගලිය ප්‍රදේශයේ දමා ගොස් ඇති බවට ලද තොරතුරුක් අනුව පොලීසිය එම ස්ථානයට ගොස් තිබූ අතර එහිදී නිලධාරීන් දැක ඇත්තේ අදාළ මෝටර් රථය ගිනි ගනිමින් තිබෙන බවයි.