ලෝක වනාන්තර දිනය අදයි
ලෝක වනාන්තර දිනය අදට යෙදී ඇත.
2012 වර්ෂයේ නොවැම්බර් 28 වන දින ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මාර්තු 21 වන දිනය ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව 2013 වර්ෂයේ සිට ජාත්‍යන්තරව මෙම දිනය සමරනු ලබන අතර, ශ්‍රී ලංකාව 2014 සිට මෙම දිනය සමරනු ලබයි.
මෙම දිනයේ මූලික අරමුණ වී ඇත්තේ වනාන්තරවල ඇති අගය පිළිබඳ මෙන්ම විවිධාකාර වනාන්තර පරිසර පද්ධතීන්ගේ ඇති වැදගත්කම පිළිබඳ ලොව පුරා ජනතාවගේ අවධානය යොමු කරවාගනිමින් සමාජය දැනුවත් කිරීම තුළින් වනාන්තර සුරැකීම කෙරෙහි ජනතාව නැඹුරු කිරීමයි.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සදහන් කර තිබෙනුයේ ලෝක වනාන්තර දිනය වෙනුවෙන් මෙරට වනාන්තර 50ක් රක්ෂිත ලෙස අලුතින් නම් කරන බවයි .