කාන්තාවක් අභිරහස් ලෙස පිළිස්සි මියයයි.. බිහිසුණු කතාව (PHOTOS)

Srilanka murder crime Invistigation
By Sithumi Feb 15, 2022 12:05 PM GMT
Sithumi

Sithumi

Report

පුත්තලම අනුරාධපුර පාරේ නිවසක තිබී පිළිස්සුම් තුවාල සහිතව කාන්තා මළ සිරුරක් අද සොයාගත් බව පුත්තලම පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ පුත්තලම අනුරාධපුර පාරේ පදිංචිව සිටි 36 හැවිරිදි නයිනා මරික්කාර් නුස්රත් ජහාන් නමැති අයෙකි.

මෙම කාන්තාව සහ ඇයගේ දෙවන සැමියා දින කිහිපයක සිට රණ්ඩුවකට පැමිණ ඇති අතර ඊයේ රාත්‍රියේ ඔවුන් දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. අදාළ කාන්තාවගේ දෙවැනි සැමියා පුත්තලම පොලිසියට භාරවී ඇත. පොලිසිය සහ අධිකරණ වෛද්‍ය පොලිසිය එම ප්‍රදේශයට ගොස් පරීක්‍ෂණ පවත්වන බව කීවේය.

නිවසේ තිබී ලේ පැල්ලම් ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. මෙම කාන්තාව ඇගේ දෙවැනි සැමියා විසින් ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. පුත්තලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery