බිහිසුණු අපරාධයක් - මුහුදු වැල්ලේ කාන්තා මළ සිරුරක්
ඊයේ (08) සවස කිරින්ද පොලිස් වසමේ ගුරුගොඩැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ තිබී කාන්තා මළ සිරුරක් ඇති බවට කිරින්ද පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
පොලිසිය පවසන්නේ මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 40 ක් පමණ වූ උස අඩි 05 අගල් 02ක් වන උඩුකයට සහ යටිකයට දුඹුරු වර්ණයෙන් යුත් ඇදුම් හැද සිට ඇති බවයි.
මෘත ශරීරය තිස්සමහාරාම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.