අහස පොළොව නුහුලන අපරාධයක් - පියාගේ පොලු පහරින් දියණිය මරුට

Report

කළුතර උතුර පොලිස් වසමට අයත් බෝසිරිපුර ප්‍රදේශයේදී පියෙකු විසින් සිදුකළ පහරදීමකින් 35 හැවිරිදි කාන්තාවක් මියයාමේ ශෝකජනක පුවතක් වාර්තා විය.

පොලිසිය සඳහන් කරන පරිදි, මෙම ඝාතනයට හේතු වී ඇත්තේ මියගිය කාන්තාව සහ ඇයගේ පියා අතර කලක සිට පැවති ඉඩම් ආරවුලක් දුරදිග යාමයි.

හිටිහැටියේම තෙල් මිල 6%කින් ඉහළට - රත්තරන් වගේ ගණන් නගින තෙල්

හිටිහැටියේම තෙල් මිල 6%කින් ඉහළට - රත්තරන් වගේ ගණන් නගින තෙල්

ආරවුල උත්සන්න වූ අවස්ථාවේදී 63 හැවිරිදි පියා විසින් තම දියණියට යකඩ පොල්ලකින් පහරදී ඇති අතර, ඉන් බරපතල තුවාල ලැබූ ඇය නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකකාර පියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර උතුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

කළුතර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

එක නැවකට හරි අත තිබ්බොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

එක නැවකට හරි අත තිබ්බොත් ඉරානය ලෝක සිතියමෙන් ඉවත් කරනවා - ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්