හිත් පිත් නැති සද්ධන්තයා තරුණියගේ ජීවිතය බිලි ගනී

Report

 ගිරාඳුරුකෝට්ටේ විරාණගම නවය කනුව අසල ප්‍රදේශයේදී අද (23) උදෑසන වන අලියකු පහරදීමෙන් තරුණියක ජීවිතක්ෂයට පත් වී ඇති බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය සදහන් කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වන්නකු වත්ත වඩුගේ ආශ්චර්යා මිහිරාණි ( 20) නමැති තරුණියක වන බවද පොලිසිය ප්‍රකාශ කරයි.

  තවද පෞද්ගලික ඇගලුම් ආයතනයක රැකියාවක් සඳහා යාමට බස් රථයක් එනතුරු මාර්ගය අයිනේ සිටි මෙම තරුණිය එක්වරම වන අලි ප්‍රහාරයකට ලක්ව ඇත.

වන අලි පහරින් තුවාල ලබා මග වැටී සිටි තරුණිය ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් මහියංගන රෝහලට රැගෙන ගියද ඇය ඡීවිතක්ෂයට පත් වී ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් සදහන් කරයි.  

කොරළවැල්ල මුහුදු වෙරළේ සැකකටයුතු කාන්තා මළ සිරුරක්

කොරළවැල්ල මුහුදු වෙරළේ සැකකටයුතු කාන්තා මළ සිරුරක්