අකුරේගොඩ ඝාතන සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට
By Mithu
අකුරේගොඩ ප්‍රදේශයේ සිදුවූ නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳට අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු, මීට පෙර පොල්ගස්ඔවිට ඩිලා නමැති පුද්ගලයාට ආධාර අනුබල ලබා දුන් චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඔහු වයස අවුරුදු 42ක් පමණ වන අතර, බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බවද පොලිසිය දන්වා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොළඹ අපරාධ කොඨටාසය සහ විශේෂ විමර්ශන ඒකකය ඇතුළු කණ්ඩායම් 10ක් මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.