සුපිරි නෞකාවක් ත්‍රි‘මලය වරායට
By Mithu
විවිධ රටවල සංචාරකයන් 550 දෙනෙකු රැගෙන “M.V. Crystal Symphony” නැමති නෞකාව අද (23) ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ත්‍රිකුණාමල පැමිණ තිබේ.
ඒ අනුව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇමරිකාව ඇතුළු රටවල් රැසක සංචාරකයන් මෙම නෞකාවෙන් ත්‍රිකුණාමලයට ගොඩබැසී, ත්‍රිකුණාමලය, සීගිරිය, හබරණ ආදී ප්‍රදේශවල සංචාරය කිරීමට සුදානම් බව සඳහන්.
බහමාස් රාජ්‍යයේ ලියාපදිංචි මෙම නෞකාවේ 497 ක කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර සංචාරකයන් සමඟ එක් දිනක සංචාරයක නිරත වේ.
නැගෙනහිර පළාතේ සංචාරක කේන්ද්‍රස්ථානයක් වන ත්‍රිකුණාමලයට මෙම සංචාරකයන් පැමිණීම, නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තයට විශාල දායකත්වයක් වනු ඇති බව සංචාරක කර්මාන්තකරුවන් පවසති.