සූදු පොළ වටලද්දී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට ප්‍රහාරයක්
සූරියවැව, කෝකැටිආර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සැකකරුවන් පිරිසක් විසින් පහර දී තිබේ.
ඊයේ (10) රාත්‍රියේ සූරියවැව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සූදු ක්‍රීඩාවේ නිරතව සිටි පිරිසක් මෙලෙස පොලිස් නිලධාරීන් වෙත ප්‍රහාරය එල්ල කර ඇත.
පහරකෑමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රතිකාර සඳහා සූරියවැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි. රාජකාරියට බාධා කරමින් සාපරාධී බලහත්කාරය පෑම සහ පහරදීම සම්බන්ධයෙන් අද (11) අලුයම සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිආර, ධර්මීගම සහ සූරියවැව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.