කරාපිටිය ජාතික රෝහලේ දන්ත වෛද්‍ය සායනයෙන් හදිසියේ හමු වූ දේ - රෝහල කැළඹෙයි - පොලිසිය ගෙන්වයි
කරාපිටිය ජාතික රෝහලේ දන්ත වෛද්‍ය සායනය තුළ මත්ද්‍රව්‍ය සඟවා තිබූ හිමිකරුවෙකු නොමැති රබර් පාවහන් යුගලක් ඊයේ (10) දින සොයාගත් බව කරාපිටිය රෝහල් පොලිසිය ප්‍රකාශ කරයි.
රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය රෝහල් පොලිසියට දැනුම් දී ඇත්තේ දන්ත සායනය තුළ හිමිකරුවෙකු නොමැති පාවහන් යුගලක් ඇති බවටයි.
ඒ අනුව රෝහල් පොලිසියේ ස්ථානාධිපතිවරයා එම පාවහන් යුගල පරීක්ෂා කිරීමේදි එහි අඩිය සූක්ෂමව කපා සඟවා තිබු අයිස් මිලි ග්‍රෑම් 1700ක්, හෙරොයින් මිලි ග්‍රැම් 1620ක්, හෑෂ් මිලි ග්‍රැම් 690ක් සහ දුම්කොළ මිලිග්‍රැම් 2110ක් හමු වූ බව පොලිසිය සඳහන් කර ඇත.
සා.පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ගැන විශේෂ නිවේදනයක් - කොටස් දෙකටම පෙනී නොසිටින අපේක්ෂකයන්ට ප්‍රතිඵල ලබා නොදෙන බව දන්වයි
මේ අතර බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු ඊයේ මෙම සායනය වෙත ගෙනැවිත් තිබූ අතර එම රැඳවියාට දීම සඳහා කිසියම් පුද්ගලයෙකු මෙම මත්ද්‍රව්‍ය සඟවන ලද සෙරෙප්පු යුගල ගෙන එන්නට ඇතැයි සැක කෙරේ.
කෙසේ වෙතත් ගාල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව සඳහන්.