දිස්ත්‍රික්ක 12කට අනතුරු අඟවයි..ඔබ දැඩි අවදානයෙන් සිටින්න...

Sri Lanka Hambantota Rathnapura Whether Galle Mathara
By Aruna May 23, 2021 03:02 AM GMT
Aruna

Aruna

Report

 නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර ඉන් බලපෑමට ලක්විය හැකි ප්‍රදේශ 12ක් පිළිබඳ ආපදා කළමනාකරණ ඒකකය අනතුරු අඟවයි.

ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කුරුණෑගල සහ මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට නිරිත දිග මෝසමේ බලපෑම එල්ල විය හැකි බව සඳහන්ය.

ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා වැඩසටහනක් සමඟ එක්වෙමින් සඳහන් කර සිටියේ, පසුගිය දිනවල ඇති වු වර්ෂාව සියලුම ගංගාවන් හි ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ළඟා වී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “ඒ අනුව ගංගා ද්‍රෝණිවල සිටින සියලුදෙනා වගකීමෙන් කටයුතු කළ යුතුයි.

විශේෂයෙන් ම කැලණි, ගිං, නිල්වලා ගඟ ආශ්‍රිතව හා විශේෂයෙන් ගාල්ල හා මාතරට බලපෑම් ඇති විය හැකියි.ඒ අය අනිවාර්යයෙන්ම සුදානමින් සිටිය යුතුයි.

ඊට අමතරව නායයෑම් සම්බන්ධයෙන් කියනවා නම් නායයෑම් ප්‍රදේශවලට අවවාදාත්මක අවවාදය දීලා තියෙනවා.

ඒ අනුව කටයුතු කරන්න අපි ඉවත් වෙන්න දැන්වුවහොත් අනිවාර්යෙන්ම ඒ අනුව කටයුතු කරන්න.“ මේ අතර උතුරු අන්දමන් ප්‍රදේශයේ හටගෙන ඇති කැලඹිලි ස්වභාවය හේතුවෙන් ඊයේ දිනය වන විට සුළි කුණාටුවක් නිර්මාණය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන්නැයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.

එමෙන්ම ඊයේ (22) සිට නැවත දැනුම් දෙනතුරු, ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළ දිවයින වටා මුහුදේ ධීවර සහ නාවික කටයුතු නොයෙදෙන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාද කරයි.

එම ප්‍රජාවන් ට මේ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ද කාලගුණ අංශ දැනුම් දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now