අද සිට වැස්ස සහ සුළග වැඩි වෙයි...එම ප්‍රදේශ මෙන්න.

Galle Gampaha Mathara Rathnapura Whether
By Aruna Jun 08, 2021 01:38 AM GMT
Aruna

Aruna

Report

අද (08) සහ හෙට (09) යන දිනවල නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වෙන බවය. මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවේ.

වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ, කෑගල්ල, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක් තද වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 30 -40 දක්වා වැඩි විය හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now