"එතුමා ආවේ පොහොට්ටුවේ මුදල් ඇමති විදියට" - ජනපතිගේ 2024 අයවැය ට නාමල් රාජපක්ෂ කින්ඩි දායි. - (VIDEO)

Namal Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Sri Lanka Podujana Peramuna Budget 2024 - sri lanka
By Wayomi Nov 13, 2023 11:53 AM GMT
Wayomi

Wayomi

Report

 මෙවර 2024 අයවැය තුළින් ඉදිරිපත් කළ බොහෝ කරුණු ගියවර අයවැයෙන් ගෙන ආ යෝජනා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද (13) පස්වරුවේ සිය අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

"බැලූ බැල්මට බොහෝ කාරණා එතුමා ගියවර අයවැය තුළිනුත් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒවා ක්‍රියාත්මකවෙලා නැති බවක් පේනවා. ඉතින් නැවත වතාවක් ඉදිරිපත් කරලා තිබෙනවා."

"එකම කාරණය දෙපාරක් කියවෙනවා කියලා කියන්නේ එය ප්‍රායෝගිකව බිම් මට්ටමේ ඉටුවෙලාද? නැද්ද? කියන ප්‍රශ්නය අපිට තිබෙනවා."

"ඉතින් අපි බලන් ඉන්නවා මෙවර අයවැයත් එවැනි දේශනයකට පමණක් සීමාවෙන අයවැය ප්‍රකාශනයක් ද කියන කාරණය."

"ඉදිරි කාලසීමාව තුළ මේ ගැන අධ්‍යයනය කරලා අපි අපේ අදහස් පාර්ලිමේන්තු විවාදයේදී ඉදිරිපත් කරන්නම්. අපි බලමු ජනාධිපතිතුමා ඒවා පිළිගනීද කියලා."

"එතුමා ඇවිත් ඉන්නේ පොහොට්ටු ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා විදියට. එහෙමනම් අපේ ප්‍රතිපත්ති අයවැය යෝජනා තුළ තිබෙන්න ඕනේ. සුරංගනා කතා වැඩක් නැහැ.. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්."




ReeCha