මහ රෑ නිවසකට වී තරුණියකට කරපු දේ..අන්තිමට ඇගිල්ලත් නැතුවම දුවන්න වුණු සිදුවීම.

Sri Lanka Gossip Today
By Sithumi Sep 13, 2023 07:59 AM GMT
Sithumi

Sithumi

Report

රෑ මැදියමේ නිවසට ඇතුළුවී අතවරයක් කිරීමට සැරසුණු පුද්ගලයෙකුගේ ඇඟිල්ලක් සපා කා අතවරයෙන් බේරුණු කාන්තාවක් පිළිබවද වාර්තා වෙනවා.

මෙම සිද්දියට මුහුණ දෙන්නේ ගම්බද කාන්තාවක්.

සිය සැමියා කිසියම් කටයුත්තක් සඳහා නිවෙසින් බැහැරව යෑම නිසා ඇය එදින නිවෙසේ සිටියේ තනිවම වන අතර මැදියම් රැය ආසන්න වෙද්දී නිවස දෙසින් කිසියම් ශබ්දයක් ඇසී ඇය ඒ පිළිබඳව විපරම් කරද්දී ඇයට දැකගන්නට ලැබුණේ නිවෙසේම තිබූ ඇඳ ඇතිරිල්ලක් පොරවාගත් කිසිවකු නිවස තුළ සැඟවී සිටින බවක්.

තවත් මොහොතක් ගෙවී යද්දී ඇඳ ඇතිරිල්ල යට සැඟව සිටි පුද්ගලයා ඇය ළඟට පැමිණියේ අයුතු යෝජනාවක් කරමින්.

මේ අවස්ථාවේදි කිසිදු කලබලයක් නොපෙන්වූ ඇය එක්වරම අමුත්තාගේ අතක ඇඟිල්ලක් ගෙන කටේ දමා හැපුවේ හොර මනමාලයා අන්දමන්ද කරමින්.

නොසිතූ මොහොතක ලද ප්‍රතිචාරයෙන් කලබලයටත් දැඩි වේදනාවටත් පත් හොර මනමාලයා මර ලතෝනි දෙමින් කළුවරේම පැන දිව්වේ කරන්නට අන් යමක් නො නිසාවෙනි..  

ඉන් නොනැවතුණු කාන්තාව පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ඇමතුමක් දෙමින් සිද්ධිය දැනුම්දී තිබුණා.

ඒ අනුව පොලිසියේ නිලධාරීන් රාත්‍රියේම ඇයගේ නිවෙස සොයා ගිය ද පැමිණි පුද්ගලයා පිළිබඳ හෝඩුවාවක් හෝ දැනගන්නට නොලැබුණු සිද්ධියෙන් නොනැවතුණු ඇය පසුදින ප්‍රදේශයේ රෝහල කරා පැමිණ ඇඟිල්ලක් නැති පුද්ගලයකු බෙහෙත් දමා ගැනීමට පැමිණියේදැයි රෝහල් කාර්ය මණ්ඩලයෙන් ද විමසා තිබුණා.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

කාන්තාවන්ගේ මෙවැනි විමර්ශනශීලි ක්‍රියාමාර්ග තුළින් සමාජයේම කාන්තාවන්ට සැපයෙන ආදර්ශයක්. 

ReeCha