වැල්ලවාය - කොළඹ මාර්ගය ජලයෙන් යටවෙයි

Report

වැල්ලවාය සහ අවට ප්‍රදේශවලට අද රාත්‍රියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වැල්ලවාය - කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී තිබේ.

වැල්ලවාය ගංගාරාම විහාරස්ථානය ආසන්නය සහ ඇතිලිවැව ප්‍රදේශය මෙලෙස ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

ඒ හේතුවෙන් එම ප්‍රදේශ හරහා ගමන් කරන රථවාහන ධාවනයට බාධා එල්ලවී ඇති අතර, රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස සහ දැඩි අවධානයෙන් ගමන් කරන ලෙස බලධාරීන් දැනුම් දී තිබේ.

ප්‍රදේශයට තවදුරටත් වැසි ඇදහැලෙන බැවින් පහත්බිම්වල ජනතාව විමසිල්ලෙන් සිටින ලෙසද අනතුරු අඟවා ඇත.

"ටිල්වින් සිල්වාට ගහලා" - පච පතුරවන අයට ටිල්වින් දුන්න ගේම මෙන්න

"ටිල්වින් සිල්වාට ගහලා" - පච පතුරවන අයට ටිල්වින් දුන්න ගේම මෙන්න

විභාග පීඩනයද? අවුරුද්දකට ශිෂ්‍ය මරණ 15,000යි

විභාග පීඩනයද? අවුරුද්දකට ශිෂ්‍ය මරණ 15,000යි