හැමෝම කතාකළ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකු මියයාමේ සිදුවීමට බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු අත්අඩංගුවට

Report

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිදු වීමට අදාළව බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කර තිබේ.

  මියගිය රැඳෙවියා පසුගිය තුන්වන දින වැලිකඩ බන්ධනාගාරයේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුත්තක් අතරතුර පලාගොස් තිබූ අතර එහිදී එම රැදෙවියා බන්ධනාගාර නිලධාරීන් විසින් යළි සිය භාරයට ගෙන තිබුණි.

ඉන් පසුව රැඳවියා හදිසියේ රෝගාතුර වී තිබූ අතර ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් ඇත.

නමුත් අදාළ රැඳවියාගේ ඥාතීන් චෝදනා කළේ බන්ධනාකාර නිලධාරීන් විසින් ඔහුට පහරදීමක් සිදුකර ඇති බවය.

දරුණු අනතුරක් - පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට

දරුණු අනතුරක් - පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට

ඒ අනුව මෙම සිද්ධියට අදාළව වැලිකඩ බන්ධනාගාර නියාමකවරුන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.  

තලපති විජේට නාමල් රාජපක්ෂගෙන් පණිවිඩයක් - හදිසියේම කට ඇරපු නාමල්

තලපති විජේට නාමල් රාජපක්ෂගෙන් පණිවිඩයක් - හදිසියේම කට ඇරපු නාමල්