අද සවස 1.00න් පස්සෙ මේ ගැන අවධානයෙන් ඉන්න..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jan 10, 2024 01:29 AM GMT
Aruna

Aruna

Report

අද (10) දිනයේත් උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

මේ අනුව උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණු සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව,කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකි අතර ප.ව. 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනනේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියව ගන්නා ලෙසයි.

Sponsored By Sarrita Jewellery

Gallery
ReeCha