දැවැන්තයෙක්ට වෙඩි පහරක් - ජීවිතයත් මරණයත් අතර සටනක
කණ්ඩලම වැව ආසන්නයේ පිටුපස පාදයකට වෙඩි වැදී තුවාල ලැබූ වන අලියෙකු මේ දිනවල මිනිසුන් ගැවසෙන ප්‍රදේශවල පෙනී සිටින බව වාර්තා වේ.
මීට පෙර ඉදිරි පාදයට වෙඩි වැදී ප්‍රතිකාර ලබමින් සිටි “කණ්ඩලමේ හැඩකාරයා” නම් වනඅලියාගේ සෞඛ්‍ය තත්ත්වය ද දැඩිව අයහපත් වී ඇති අතර, ඔහු දැන් ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටී.
වෙනත් වන අලි කිහිපදෙනෙකු සමඟ සිටින මෙම තුවාල වූ අලියාගේ පසුපස පාදය දැඩිව ඉඳිමින්, ගෙවතු වලට පැමිණ ආහාර ඉල්ලා සිටින අයුරු දැක්වෙයි.
වෙඩි පහරවලට ලක්වෙමින් සිටින කණ්ඩලම වන අලීන් පිළිබඳ වනජීවි දෙපාර්තමේන්තුව කඩිනමින් අවධානය යොමු කළ යුතු බව ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.