අවුරුදු 135දී තාත්තෙක් වුණ සීයා අබුඇලෝ [PHOTO]
දිගු කලක් ජිවත් වන සතුන් අතරින් එක් අයෙකු වන ඉබ්බා "අබුඇලෝ" Zoo Miami සත්ත්වෝද්‍යානයේදී අවුරුදු 135ක් වයසින් පළමු වතාවට තාත්තෙකු බවට පත්වී ඇත.
ඔහුගේ නම "අබුඇලෝ" යනු ස්පාඤ්ඤ භාෂාවෙන් "සීයා" යන අරුත රඳවයි.
මෙම සුන්දර අවස්ථාව සැමරීමට සත්ත්වෝද්‍යානය විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී. පලතුරු සහ එළවළු වලින් සකස් කළ සෞඛ්‍යාරක්ෂිත කේක් එකක්, වර්ණවත් සහ අලංකාර සෙරෙප්පු ලබාදෙමින් අබුඇලෝට උපන්දින උත්සවයක් පවත්වා තිබුණි.
ලොව සතුන් අතරින් වයසින් විශේෂතම තාත්තා ලෙස ඔහුට පළමු වතාවට පියවරුන්ගේ දිනය සැමරීමට හැකි වුණි.
අසීරු වයසකදී පියා වන මේ වගේ අවස්ථා ඉබ්බන්ට ඇතත් අබුඇලෝගේ කතාව ලොව පුරා ආදරයෙන් පිළිගන්නා ලදි.
