අද සිට කාලගුණයේ සිදු වන වෙනස මෙන්න..

Western Province Southern Province TN Weather Weather
By Aruna Oct 18, 2024 01:15 AM GMT
Aruna

Aruna

Report

උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මේ අනුව, නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

විදුලි බිල 45% කින් අඩු කරයි?..නව ජනපති අනුරට අභියෝගයක්.

විදුලි බිල 45% කින් අඩු කරයි?..නව ජනපති අනුරට අභියෝගයක්.


ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අදාල නිවේදනයේ සඳහන් වන්නේ.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.