අද දිවයින පුරා කාලගුණයේ සිදුවන වෙනස ගැන දැනුම්දීමක්..

Western Province Southern Province TN Weather Weather
By Aruna Sep 21, 2024 01:00 AM GMT
Aruna

Aruna

Report

අද (21) දිනයේ සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් වසනවා.

අදාල නිවේදනයේ සඳහන් වන්නේ, වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

අද ලග්න කිහිපයකට ජයග්‍රාහී ධන යෝගයක්..වැඩිපුර දිනන්න පුලුවන් කාට ද?

අද ලග්න කිහිපයකට ජයග්‍රාහී ධන යෝගයක්..වැඩිපුර දිනන්න පුලුවන් කාට ද?


මේ අනුව, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද දන්වා තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී. 40ක -45ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව දැනුම්දෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි.