දිවයින පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග තද සුළං..
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව ද අදාල නිවේදනයේ සඳහන් වේ.
තවද ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය බවද එමගින් දන්වා ඇත.
මීට අමතරව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ද ඇතිවිය හැකි බව අදාල නිවේදනයේ සඳහන් කරයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

රටම හෙල්ලූ ක්ලබ් වසන්ත ඝාතනය කළ හැටි වෙඩික්කරුවන් වමාරයි..කේ.සුජීවගේ සැමියට වෙඩි තියපු හේතුවත් මෙන්න.
මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී සැප්තැම්බර් මස 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බැවින් අද දින දහවල් 12:10 ට වවුනියාව, වන්නමෝඩෙයි, අනල්කඩ්ඩිමඩි සහ පෙරියපණ්ඩිරිච්චාන් ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් දන්වා ඇත්තේ.
