අදත් දිවයින පුරා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි..මේ ප්‍රදේශ වල අය අවධානයෙන් ඉන්න..

Polonnaruwa Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna May 10, 2024 01:44 AM GMT
Aruna

Aruna

Report

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම නිවේදනයේ සඳහන් වන්නේ, මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

ලබන 29 වනදා ප්‍රබල දේශපාලඥයෙක්ට වෙන්න යන දේ මෙන්න..

ලබන 29 වනදා ප්‍රබල දේශපාලඥයෙක්ට වෙන්න යන දේ මෙන්න..


එමෙන්ම, බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම, මන්නාරම, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි.