අදත් තදටම වැසි - වැස්ස එන වෙලාව ගැන දන්නවා ද?. එළියට යනව නම් මේ ගැනත් දැනගෙනම යන්න.
Sri Lanka
Weather
By krishani
දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අනුව උතුරු, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.
එමෙන්ම අද (14) දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්තික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි ය.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
