මුහුදු ප්‍රදේශ වල ජනතාවට විශේෂ දැනුම් දීමක්...අවදානම් සහගත නිවේදනයක්..

Weather Galle Sea Mathara
By Aruna Jul 20, 2021 04:15 AM GMT
Report

ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එසේම දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබදව ඉතා අවදානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

එසේම සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

බස්නාහිර පළාතේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now