මේ ප්‍රදේශවලට යන්න එපා..!ඉදිරි දින දෙකේදී වන දේ... දැඩි අවදානම්..අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ..!

Climate Change TN Weather West Bengal Weather Latest Headlines
By Sewvandhi Oct 14, 2024 08:23 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වෙන පරිදි දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ සඳහා තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (14) දිනයේ ගිනිකොනදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බවයි, එහි සඳහන් වන්නේ.

ඒ අනුව, එය ඉදිරි දින 2 තුළ හොඳින් සලකුණු වූ අඩු පීඩන කලාපයක් බවට පත්වීමට ඉඩ ඇති අතර බටහිර-වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩුව, පුදුචේරි සහ යාබද දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය දෙසට ගමන් කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

උතුරු අක්ෂාංශ 06ත් 12ත් සහ නැගෙනහිර දේශාංශ 81 සහ 93 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං පැ.කි.මී. 60-70, සමගින් තද වැසි පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකිය.

පහත දක්වා ඇති සිතියමේ “Warning” කාණ්ඩය යටතේ ලකුණු කරඇති මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී ඇත.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ද ධීවර හා නාවික ප්‍රජාවට අවධාරණය කර තිබේ.

Gallery