අද වර්ධනය වන ගැඹුරු පීඩන අවපාතය..වැසි ලැබෙන වෙලාව මෙන්න - එළියට යනවා නම් මේ ගැනත් අවධානයෙන් සිටින්න..

By Sewvandhi Nov 16, 2023 01:32 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. ඌව සහ මධ්‍යම පළාත්වල පස්වරු 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව වාර්තා වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Gagana

මේ අතර අද දිනයේ උදෑසන වනවිට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුරු අක්ෂාංශ 10 සහ 19ත් නැගෙනහිර දේශාංශ 82ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද ඉහළ යා හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සැලකිමත්වන ලෙසයි.

අදාළ මුහුදු ප්‍රදේශ තුළ සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බව දැනුම්දෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24 තුළ අදාළ ප්‍රදේශ වෙත යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලබනවා.

මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙසද ධීවර හා නාවික ප්‍රජාවන්ට දැනුම් දී තිබෙනවා.