ජලසම්පාදන මණ්ඩලයෙන් විශේෂ ඉල්ලීමක් - වියළි කාලගුණය හේතුවෙන් ජල හිගයක්

Report

ජලසම්පාදන හා ජලා පවාහන මණ්ඩලය විසින් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

කථානායකට එරෙහිව විශ්වාසභංගයක්?

පවතින වියළි කාළගුණික තත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පානිය ජලය සැපයීම යම් ප්‍රදේශවලට සීමා කිරීමට සිදුවන බවත් ඒ හේතුවෙන් ජලය අරපිරිමැමෙන් භාවිතා කරන ලෙසත් ජලසම්පාදන හා ජලා පවාහන මණ්ඩලය දැනුම් දී ඇත.

ජලසම්පාදන මණ්ඩලයේ හම්බන්තොට ප්‍රාදේශිය ඉංජිනේරු ජගත් ස්වර්ණලාල් මහතා පවසා ඇත්තේ පානිය ජලසැපයුම් සඳහා ජලය ලබා ගන්නා ජලාශවල ජලමට්ටම පහත යෑම නිසා පවතින වියළි කාලගුණික තත්ත්වය මත ඇතැම් ප්‍රදේශවලට ජලසැපයුම අඛණ්ඩව සැපයීමට නොහැකි බවයි.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

එමෙන්ම ජලය වැඩි වශයෙන් භාවිතා කරන නිසා යම් යම් ප්‍රදේශවලට බවුසර් මගින් පානිය ජලය බෙදිමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එයට අනුව තිස්ස කතරගම ප්‍රධාන මාර්ගය දෙපස හා ඒ අවට ගම්මාන, ලුණුගම්වෙහෙර, රන්මිහිතැන්න, කිරින්ද, අඟුණකොලපැලැස්ස මුරවැසිහේන, කටුටකඩුව ආදී ප්‍රදේශ කිහිපයකට මේ ආකාරයෙන් පානීය ජලය බවුසර් මගින් බෙදා හැරීම ආරම්භ කර ඇත.