හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක් ජලය නෑ - ප්‍රදේශ ටික මෙන්න
හෙට දිනයේදී (18) ප්‍රදේශ කිහිපයකට පැය නමයක කාලයක් ජල සැපයුම අත්හිටවන බවට ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.
අඹතලේ ජල පවිත්‍රාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන තුළුමුව පොම්පාගාරයට සැපයෙන විදුලිය අත්හිටුවීමට සිදුවන බැවින් අඹතලේ ජල පවිත්‍රාගාරය මඟින් සැපයෙන ජලය අත්හිටු වීමට සිදුව ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.
ඒ අනුව පෙ.ව 10.00 සිට ප.ව 07.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වාර්තා වේ. කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

වසන්තගේ වත්කම් එක්ක බලද්දි රාජපක්ෂ පවුලටම එල්ල වූ මුල්‍ය චෝදනා කියන්නේ සොච්චමක්, කාසිලිංගම්ගෙන් සටහනක්
බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොලොන්නාව, IDH,කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, මහරගම, බොරලැස්ගමුව, දෙහිවල, රත්මලාන, මොරටුව යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.