අද ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවයි..එම ප්‍රදේශ මෙන්න..

Water cut Gampaha waththala
By Aruna Jul 26, 2021 02:46 AM GMT
Aruna

Aruna

Report

අද උදෑසන 10 සිට පැය 24 ක කාලයක් වත්තල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.

එලෙස ජල සැපයුම අත්හිටුවන්නේ වත්තල - මීගමුව පාරේ කොටසකට, මාබෝල ප්‍රදේශයේ කොටසකට මෙන්ම වැලිකඩමුල්ල, හැඳල පාර - නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ගවලට ද සහ අල්විස් ටවුම ප්‍රදේශයටයි.

එසේම මරදාන පාර, පුවක්වත්ත පාර, ගලහදූව සහ කෙරවලපිටියේ කොටසකටද ජල සැපයුම අත්හිටුවනු ඇති.

එසේම අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පැය 9 ක කාලයක් ගම්පොල - ඇත්ගාල පොම්පාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව අද පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ ඇත්ගාල නැගෙනහිර, ඇත්ගාල - සිංහපුර, ආරාම පාර, ලක්ෂ පිහිල්ල, පළවන හා, දෙවන පටුමඟ, බංගලාව පාර, ජයමාලපුර, රීජන්සි ටෙරස් සහ ජයමාලපුර 6 වන පටුමගේ ඉහළ කොටසටයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now