රට හදන්න විපක්ෂයේ දක්ෂයොත් ඕනෑ.. වසන්තගෙන් විවෘත ආරාධනාවක්

Report

රටේ ඉදිරි සංවර්ධන කටයුතු ශක්තිමත් කිරීම සඳහා විපක්ෂයේ සිටින දක්ෂ සහ ප්‍රායෝගික පුද්ගලයින් ද ආණ්ඩුවට එක්කර ගැනීමට සූදානම් බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළේය.

ඔහු සඳහන් කළේ උගත්, බුද්ධිමත් සහ දැනුමෙන් පිරිපුන් පුද්ගලයින් එකට එක්ව කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩුවට කෙටි කාලයක් තුළ රටේ ආදායම වැඩි කිරීමට සහ අයවැය හිඟය සැලකිය යුතු ලෙස අඩු කිරීමට හැකි වූ බවයි.

එසේම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීම් ලබාදීම සඳහා භාණ්ඩාගාරයේ මුදල් ඉතිරි කිරීමටත්, දිත්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි පියවීමට රුපියල් කෝටි 77,000ක් වෙන් කිරීමටත් හැකි වූයේ දක්ෂ කණ්ඩායම් එකමුතුවෙන් වැඩ කළ නිසා බව ද අමාත්‍යවරයා පැවසීය.

"ටිල්වින් සිල්වාට ගහලා" - පච පතුරවන අයට ටිල්වින් දුන්න ගේම මෙන්න

"ටිල්වින් සිල්වාට ගහලා" - පච පතුරවන අයට ටිල්වින් දුන්න ගේම මෙන්න

තවද, පොහොර සහනාධාරය සහ මහපොළ ශිෂ්‍යාධාරය දෙගුණ කිරීමට හැකි වූයේ ද සැලසුම් සහගත ආර්ථික කළමනාකරණය නිසා බව ඔහු කියා සිටියේය.

ඉදිරියේදීත් රටේ සංවර්ධනය සඳහා දක්ෂ පුද්ගලයින්ට ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කළ හැකි බවත්, විපක්ෂයේ සිටින රට ගැන සිතන පිරිස් ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමඟ එක්වනු ඇතැයි විශ්වාස කරන බවත් වසන්ත සමරසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අදහස් ඔහු පළ කළේ පසුගියදා පැවති ජාතික ජන බලවේගය රැස්වීමක් අමතමිනි.

"ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉටු නොකළොත් මරණ තර්ජන" - නාමල්ගෙන් බිහිසුණු අනාවරණයක්

"ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉටු නොකළොත් මරණ තර්ජන" - නාමල්ගෙන් බිහිසුණු අනාවරණයක්

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

ආණ්ඩුවටත් අපිව ඕනේ කියන එක ගෞරවයක් - ආණ්ඩුවට එක්වෙනවද නැද්ද සම්බන්ධයෙන් හර්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්