අත්අඩංගුවට ගත් වසන්ත ඇතුළු ශිෂ්‍ය භික්ෂූන්ට දුන් අධිකරණ නියෝගය..!

Sri Lankan protests Sri Lanka Inter University Students Federation
By Sewvandhi Feb 24, 2023 10:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අද (24) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 

  පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (23) දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී කලහකාරී ලෙස හැසිරී තිබුණි.

පසුව එම ස්ථානයට පැමිණි පොලීසිය විරෝධතාවයේ නිරතව සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු 57 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now

  

ReeCha