අද රාත්‍රී 11 දක්වා වලංගු අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු සම්බන්ධ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම නිවේදනය අද (03) රාත්‍රී 11 දක්වා වලංගු වන බව සඳහන්.
ඒ අනුව උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත් සහ වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇති විය හැකි බවට දැනුම් දී ඇත.
එසේම අඳාළ නිවේදනයෙන් දැක්වෙන්නේ ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති වන බවයි.
කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.