ඇමති ලාල්කාන්තගේ වත්කම් බැරකම් එළියට
සියලු දේශපාලන නියෝජිතයින් සෑම වසරකම සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර, ඒ අනුව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත ද සිය වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. එම ප්‍රකාශය පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනි දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇත්තේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතට අනුවයි.
එම වත්කම් බැරකම් ප්‍රකාශයට අනුව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා තම වත්කම් බැරකම් ප්‍රකාශය මගින් රුපියල් කෝටි 6.7කට අධික වටිනාකමකින් යුත් නිශ්චල දේපොළ තමන් සතු බව හෙළි කර තිබේ.
ආදායම් ලෙස වාර්ෂික වැටුප්, දේපළ බදු ආදායම් සහ ස්ථාවර තැන්පතු වලින් ලැබෙන මුදල්ද මෙම වත්කම් ප්‍රකාශයේ සඳහන් වන අතර, ඒ අනුව ඔහුගේ මුළු නිශ්චල දේපොළ වටිනාකම පමණක් රුපියල් කෝටි 6.7 ඉක්මවන බව තහවුරු වේ.