සුවහසක් ක්‍රිකට් රසිකයින්ගෙ නොමද ආදරය හිමි, සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් එළියට..
මෙවර පැවැත් වුණ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග සිය අදහස් දැක්වීය.
ඒ ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමට එක් නොවීම දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත ගත් තීරණයක් බවයි.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ වනිඳු හසරංග ලෝක කුසලාන එක්දින කණ්ඩායමට ඇතුළත් කිරීමට නොහැකි වූයේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලපෑම මත බවයි.
පසුගිය LPL තරගාවලිය අතරතුර වනිඳු හසරංග පාදයේ මස්පිඬු ආශ්‍රිත ආබාධයකට ලක් විය.
එහිදි එම ආබාධ තත්ත්වයට වෛද්‍යවරුන් නිර්දේශ කළේ වනිඳු හසරංගට ශල්‍යකර්මයක් සිදු කිරීමටයි.
නමුත් ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේ දී එහි සභාපතිවරයා පැවසුවේ වනිඳු හසරංග සහ දුෂ්මන්ත චමීර ලෝක කුසලාන එක්දින සංචිතයට ඇතුළත් නොවීම ගැන ක්‍රීඩා අමාත්‍යවරයා සහ ලෙජන් කෙනෙකු වගකිවයුතු බවයි.
කෙසේ වෙතත්, ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින්ම සිදුකළ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ තමා ලෝක කුසලාන සංචිතයට එක්නොවීම දෙස් විදෙස් වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුවේ නිර්දේශ මත සිදුවූවක් බවයි.
