වනිදු අංක එකට පත් වෙයි

cricket sri lanka icc Wanidu hasaranga
By Sithumi Nov 02, 2021 12:01 PM GMT
Sithumi

Sithumi

Report

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංග සමත්ව තිබේ. 

 වනිදු හසරංග තරග හතරකදී දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 14කි.  වනිදු මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය දක්වා පැමිණියේ ඊයේ එංගලන්තය සමග පැවැති තරගයේදී කඩුළු 3ක් දවා ගැනීමත් සමගය.

වැඩිම කඩුළු දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ බංග්ලාදේශයේ ශකීබ් අල් හසන් රුදී සිටින අතර, ඔහු දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 11කි.

එම ලැයිස්තුවට අනුව මහීෂ් තීක්ෂණ කඩුළු 8ක් දවාගෙන 5වන ස්ථානයේ රුදී සිටින අතර, කඩුළු 8ක් දවාගෙන ලහිරු කුමාර 6වන ස්ථානයේ රුදී සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now



ReeCha