PHI-වරුන්ගේ රාජකාරියට බාධා කළ පිරිස් රක්ෂිත බන්ධනාගාරයට (VIDEO)

PHI kandy Matale mahiyanganaya quarantine rules
By Sewvandhi Jun 28, 2021 02:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහියංගනය - ගැමුණුපුර ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු පුද්ගලයෙක් ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

එමෙන්ම සංවිධානාත්මක අපරාධකාරයෙකු වන කොස්ගොඩ රංගගෙ සමීපතමයකු නීතිවිරෝධීව එක් කළ කැබ් රථ දෙකක් සමග පන්නෙගමුවේ දී ඊයේ (27) STF අත්අඩංගුවට පත් විය.

ඊයේ දිනයේ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 428 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අනුව පුද්ගලයින් 93ක් මහනුවර ප්‍රදේශයෙන්ද, 77 මාතලෙන් සහ පුද්ගලයින් 58ක් ගම්පොළ ප්‍රදේශයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 44, 644ක්. අද දිනයේත් මේ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මේ අතර නිරෝධායන නීතිවලට අදාලව ආයතන, සුපිරි වෙළඳසැල් සහ සාප්පු සංකීර්ණ පවත්වාගෙන යා යුතු අතර මේ පිළිබඳව පොලිසිය සහ සෞඛ්‍ය බලධාරීන්ගේ සහය ඇතිව විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now